මහ/සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසල) මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය කලාපයට අයත් මිණිපේ අධ්‍යාපන කොට්ඨාශය තුළ පිහිටා තිබේ. මධ්‍යම කදුකරයට මායිම් ව තැනිතලා කලාපයේ පිහිටා ඇති මිණිපේ ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශය පදනම් කරගත් මිණිපේ අධ්‍යාපන කොට්ඨාශය තුළ උතුරින් මාතලේ දිස්ත්‍රික් මායිම හා බටහිරින් නකල්ස් කදුවැටියෙන් ද දකුණින් හා නැගෙනහිරෙන් මහවැලි ගංගාවෙන්ද මායිම්ව වර්ග කීලෝමීටර් 242ක් පමණ විශාල ගම් ප්‍රෙද්ශයක් පුරා පැතිර පවති.
වර්ෂ 1938 ඉංග්‍රිසි පාලන සමයෙහි එච්.බි.රඹුක්වැල්ල දිසාවේතුමාගේ මගපෙන්වීම යටතේ එවකට කෘෂිකර්ම අමාත්‍ය ඩි.එස්.සේනානායක මැතිදුන්ගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු ඓතිහාසික මිණිපේ ගොවිජනපද ව්‍යාපාරයේ පළමු පියවරේ ආරම්භක ග්‍රාමයක් ලෙස මොරයාය ග්‍රාමය හදුන්වා දිය හැකිය. හසලක-මහියංගණය මාර්ගයේ කි.මි.4ක් පමණ දුර ගමන් කළ විට ගොවිතැනින් දිවිසරු කරගන්නා අවිහිංසක නිර්ව්‍යාජ ගැමියන්ගේ පහස ලද මේ ගම් පියස දැකිය හැකිය. අක්කර 09 කට පමණ ආසන්න වු භූමි ප්‍රමාණයකින් සමන්විත සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය මොරයාය ග්‍රාමය මධ්‍යයෙහි පිහිටා තිබේ.
විදුපියසේ එක් පසෙකින් දිස්වනුයේ එදා මෙදා තුර සියලු සමාජ හා පාරසරික විපර්යාසයන් හමුවේ නොසෙල් වි බලා සිටින කොස්ගොල්ලා කදු පංතියයි. ලෙළදෙන තරුපටක් සේ සුසැදි ලාලිත්‍යයෙන් යුතුව පාසල ඉදිරිපසින් ඒ අසලින්ම ගලා බසිනුයේ පළමුවන අග්බෝ රජු විසින් මහවැලි ගග හරස්කොට මීණිපේ දි අමුණක් බැද ඉදිකළ යෝධ ඇල මාර්ගයයි. ඉන් ඔබ්බට පාසල මධ්‍යයට පියනගන්නෙකුට දිස් වනුයේ එම ජල ධාරාවෙන් පෝෂණ වන සරුසාර කෙත් උයන්ය. තවත් විටෙක සදු පිරිවරාගත් තරු සේ පාසල වටකොට ගනිමින් එකිනෙක පරයා නැගෙන තුරු ලතා වන්ය. මෙවන් ඉතා දර්ශනීය මෙන්ම මනස්කාන්ත පරිසරයක පහස ලද මේ සඝබෝ පාසල් මාතාවගේ ආරම්භය ද මිණිපේ ගොවිජනපද ව්‍යාපාරයේ ආරම්භය තෙක්ම දිවෙන්නකි.
ඇගේ ආරම්භය සනිටුහන් කරන්නේ වර්ෂ 1949 දෙසැමිබර් 05 වන දිනයි. ඒ ප්‍රදේශයේ එවකට සිටි ගම්මුලාදෑනිවරයා විසින් ගම පුරා ඇවිද ගොස් එක්කාසු කර ගන්නා ලද සිසුවියන් දොලොස් දෙනෙකු පාසලට ඇතුළත් කර ගැනිම තුළිනි. විවිධ වයස් මට්ටම් වලින් ඇතුලත් වු මොවුනගේ මුල් ගුරුතුමා වුයේ මාතර ප්‍රදේශයේ සිට පැමිණියා යැයි කියන සුභසිංහ නම් ගුරුවරයෙකි. වර්තමානයේ අප මාර්ටින් වික්‍රමසිංහ ශාලාව නමින් හදුන්වන ගොඩනැගිල්ල අද මෙන්ම ඒ දවස ද උළු සෙවිලි කරන ලද්දකි. මුල් කාලයේ එහි පංති දෙක තුනකට වඩා නොවුණා සේම ගුරුවරුන් ද දෙතුන් දෙනෙකුට වඩා නොවීය.
ආසන්නයේ පිහිට් මහියංගණ බෝධිරාජයාණන් අභියස දී සිදුකළ සිරිසඝබෝ කුමාරයාගේ නම් තැබිමේ ඵෙතිහාසික ක්‍රියාවලිය සිහිගන්වමින් පාසල සංඝබෝධි යනුවෙන් නම් කර ඇත. මහා විද්‍යාලයක් ලෙස ආරම්භය මේ ආකාරයෙන් සනිටුහන් වුවත් රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රම ක්‍රමයෙන් භෞතික හා මානව සම්පත් වලින් සංවර්ධනය වු සංඝබෝධි විද්‍යාලය මේ වන විට ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශ වල දුදරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරන ද්වීතියික පාසලක් බවට පත්ව ඇත. එහි වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 502ක් පමණ වන අතර ගුරුවරුන් සංඛ්‍යාව 29ක් වේ.
6 සිට 13 ශ්‍රේණි දක්වා පංති පැවැත්වෙන මෙහි කලා අංශයට අමතරව වසර කිහිපයකට පසුව 2016 වර්ෂයේ දි නැවත වානිජ අංශයෙන් ද අ.පො.ස(උ.පෙළ) හැදෑරිමට සිසුන්ට ඉඩ ප්‍රස්තා ලබා දිමට හැකි විම සතුට ට කරුණකි. ආරම්භය කුඩා වුව ද වර්තමාන වන විට මෙහි ගොඩනැගිලි සංඛ්‍යාව 15ක් පමණ වේ. ඒ අතර දෙමහල් ගොඩනැගිලි 04ක් වේ.
මේ සියල්ල අතරෙහි ඉගැන්විමේ ක්‍රියාවලියට වඩාත් මහෝපකාරි වන විද්‍යාගාර, පුස්තකාලය, මහින්දෝද තාක්ෂණ විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාර යන ඒකකයන් හා රැස්විම් ශාලාවක් ද පිහිටා තිබේ. විද්‍යාලයේ සියලු සිසු දරු දැරියන්ට සිත් සේ සෙල්ලම් කළ හැකි ඉඩ ප්‍රමාණයක් සහිත ක්‍රීඩා පිට්ටනියක් ද පාසලෙහී පවති. මේ ආකාරයෙන් සුසැදි මහ/ සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාල (ජාතික පාසල) විදු මැණියන්ගේ තේජෝ බලපරාක්‍රමය කෙසේ ද යත් එදා සිට මේ දක්වා ඇගේ සිප් කිරෙන් පෝෂණය ලැබ ගුණ නැණ බෙලෙන් සන්නද්ධව දේශ දේශාන්තර වල සමාජ සේවාවන් හි නියලෙන්නන් බොහෝය. ඒ අතර දේශපාලඥයින්, මහාචාර්යවරුන්, ගණකාධිකාරිවරුන්, වෛද්‍යවරුන් හා විද්‍යාර්ථයින් මතු නොව කලාකරුවන්, ලේඛකයන් සේම රටේ එකීය බාවය හා සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිදුන් දු පුතුන් රැසක් මේ පාසල් මැණියන් ලක් මැණියට දයා ද කර ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1940 දෙසැම්බර් 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මහා/සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |






