සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

විදුහල්පති පණිවිඩය

ආර්.ඵම්.ඵ රත්නායක මයා

අපගේ පාසල, සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය කලාපයේ පිහිටි අසිරිමත් පාසලකි. වසර 75ක් තරම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අප පාසල එදා මෙදා තුර දැයට දායාද කර ඇති කීර්තිමත් ආදි සිසුන් ගණන අතිමහත්ය. වර්තමානයේද ඔවුන් රටට වටිනා සේවයක් ඉටුකරමින් සිටී. අපි සිසුන්ගේ නිර්මාණශීලීත්වය, නායකත්වය සහ දැනුම වර්ධනය කිරීමට කටයුතු කරන කණ්ඩායමකි. නවීන පහසුකම් සහ අත්දැකීම් මඟින් අප සිසුන් සම්පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීමට කටයුතු කරන්නෙමු. 
අධ්‍යාපනයේ නවෝත්පාදන ඇතුළත් කරමින්, ඔබගේ දරුවාගේ අධ්‍යාපනික ගමන ප්‍රගතිමත් කිිරීමටත් අනාගත පරපුරට යහපත් මාර්ගයක් හෙලිකර දීමටත් අපගේ පාසල හා එහි පවතින සම්පත් උපරිම අයුරින් උපයෝගී කර ගැනීම අපගේ ඒකායන අරමුණයි. ඔබගේ දරුවාගේ අනාගත අභිවෘදධිය සඳහා අපගේ සහයෝගය ලබා ගන්නා ලෙස අපි ඔබට ඇරයුම් කරමු. අපගේ පාසල සෑම දිනයකම අධ්‍යාපනය පිළිබඳ අමතක නොවන අත්දැකීම් ලබා දෙනු ඇත.
අපගේ පාසලේ උන්නතිය සඳහා කැප වී ක්‍රියා කරන සියලු ප‍ාර්ශවයන්ට තොරතුරු හුවමාරු කර ගැනීමටත් පාසලට සම්බන්ධ වීමටත් මෙම වෙබ් අඩවිය උපකාරී වේවා. අපගේ දරුවන්ගේ යහපත සහ අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යයි ප්‍රාර්ථනා කරමි.

 

ආර්.ඵම්.ඵ රත්නායක මයා
විදුහල්පති
සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය.