සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

  • පාසලට පැමිණීම
  • සෑම සිසුවෙකුම උදෑසන 7.15 ට ප්‍රථම පාසලට පැමිණිය යුතුය. ප.ව. 1.30 ට පාසල අවසන් වන වෙලාව
    තෙක් පාසලේ රැදී සිටිය යුතුය.
  • නිල ඇඳුම
  • සිසු සිසුවියන් නියමිත නිල ඇඳුමින් සැරසී පාසලට පැමිණිය යුතු අතර පාසල් නිල ලාංඡනය නිවැරදිව
    පැළඳිය යුතුය. පිරිමි ළමුන් කළු සපත්තු පැළදිය යුතු අතර ගැහැණු ළමුන් සුදු සපත්තු පැළඳිය යුතුය.
    මෝස්තර සහිත පාවහන් පැළඳීම නොකළ යුතුය. ගැහැණු ළමුන් පාසල් ටයි පටිය පැළදීම අනිවාර්ය වේ.
    අනවශ්‍ය කොණ්ඩා මෝස්තර හා ආභරණ සිසු සිසුවියන් දෙපාර්ශවයටම තහනම් වේ.
  • සිසු විනය
  • සෑම සිසු සිසුවියක්ම පාසලේ කීර්ති නාමය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටියි.
  • පාසල තුල දී මෙන්ම බාහිර සමාජය තුලදී ද සංඝබෝධි පාසල් මාතාවගේ ගෞරවය රැකෙන පරිදි හා තම
    ගෞරවය රැකෙන පරිදි හැසිරිය යුතුය.
  • පාසලේ අධ්‍යාපන හා වෙනත් විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී විදුහල්පතිතුමා ඇතුළු
    ආචාර්ය මණ්ඩලයේ අවවාද උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.
  • යම් විනය විරෝධි කටයුතුතක් සම්බන්ධව යම් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට චෝදනාවක් එල්ල වී ඇත්නම් ඒ පිළිබඳව පන්ති භාර, අංශ භාර ගුරු භවතුන් පාසල් විනය කමිටුව හා විදුහල්පතිතුමා විසින් අවශ්‍ය විනය පරීක්ෂණයක් තබා වරදකරු බවට තීරණය කළහොත් සුදුසු විනය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
  • පාසලෙන් බාහිරව වරදකරු බවට තීරණය කළ හොත් සුදුසු විනය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
  • පාසලෙන් බාහිරව වෙනත් සමාජ සංවිධාන, සමිතිවල සාමාජිකත්වය දැරීමට පෙර ඒ සඳහා විදුහල්පතිතුමාගේ අනුමැතිය ලබාගත යුතු වේ.
  • පාසල් වේලාව තුල විදුහල්පතිතුමාගේ හෝ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ හෝ ගුරුවරයෙකුගේ අනුමැතියකින් තොරව පිටස්තර පුද්ගලයන් පාසලට ගෙන්වා ගැනීම තහනම්ය.
  • පාසලට නොපැමිණීම
  • යම් හේතුවක් නිසා සිසුන් පාසලට නොපැමිණෙන්නේ නම් ඊට පසු දින ඊට හේතුව සඳහන් කර ලිපියක්
    ගෙනැවිත් පන්තිභාර ගුරුතුමා/ ගුරුතුමියට භාරදිය යුතුය.
  • සැ.යු. දිගු කාලයක් යම් අසනීප තත්වයක් නිසා පාසලට නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව පන්තිභාර ගුරුතුමා/ ගුරුතුමිය / විදුහල්පතිතුමා දැනුවත් කල යුතුය. වෛද්‍ය වාර්තා අවශ්‍ය විටෙක ඉදිර්පත් කල යුතුය.
  • අධ්‍යයන කටයුතු
  • සිසුන් තම ආනයන කටයුතු කෙරෙහි ඉහළ අවධානයක් යොමු කළ යුතු අතර පාසලේ අමතර පන්ති යොදා ඇති විට ඒවාට සහභාගී විය යුතුය. අධ්‍යයන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පන්ති කව පවත්වන විට ඒ සඳහා තම දෙමාපියන් සහභාගී කරවීම සිසුන්ගේ වගකීමකි.
  • පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම
  • සෑම සිසුවෙකුම තමාගේ පන්ති කාමරය උදෑසන 25 ට පෙර පිරිසිදු කර අවසන් කල යුතු අතර පවිත්‍ර කිරීම සඳහා වෙන් කර ඇති පාසලේ වෙනත් පරිශ්‍රයන් ද නියමිත පරිදි පිරිසිදු කර නඩත්තු කළ යුතුය.
    පාසලේ පරිසරය ක්‍රමවත්ව පිරිසිදුව, අලංකාරව පවත්වා ගැනීමට ඔබගේ පූර්ණ සහය විද්‍යාලයට ලබාදිය යුතුය.
  • පාසලේ පිරියත රැකගැනීම
  • සෑම සිසුවෙකුම පාසල් ගොඩනැගිලි, ඩෙස්ක්, පුටු, විද්‍යාගාර උපකරණ පරිගණක උපකරණ ඇතුළු පාසලේ පවතින සියලුම භෞතික සම්පත් ආරක්ෂා කිරීම තම වගකීම හා යුතුකම බව තරයේ සිහි තබාගත යුතුය.
  • විෂය බාහිර ක්‍රියාකාරකම් හා විෂය සමගාමී ක්‍රියාකාරකම්
  • සෑම සිසුවෙකුම එක් විෂය බාහිර ක්‍රියාකාරකමක් හෝ නියැලීම අනිවාර්ය වේ.
  • පාසලේ පවත්වන විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට අවස්ථාව ලද විට සෑම සිසුවෙකුම සක්‍රීයව දායක විය යුතුය.