සැරදේ ....... සැරදේ .......
සැරදේ විදුහල් මාතා
දස දෙස කිතුරැස් විහිදා
සැරදේ ....... සැරදේ .......
විදුහල් මාතා සැරදේ .......
වීර විකුම් දස්කම් පෑ හෙළයේ
දේශ දේශ ජය ධජ නැගු හෙළයේ
ධිර වීර ඔබේ නාමය සුදිලේ
ඔබ ගෙල බැදි සිසු මුතුහර අපි වේ .......
සැරදේ ....... සැරදේ .......
විදුහල් මාතා සැරදේ .......
කලා අම්බරේ පෑ පුනසද සේ
සුදිලෙනු මැන නිති කදුරැළි අතරේ
සකල කළා ශිල්පාදී පාදා
සංඝබෝධි විදුහල නිති බැබලේ
සැරදේ ....... සැරදේ ......
විදුහල් මාතා සැරදේ .......






