සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජී.ජී.චන්ද්‍රාවතී ගල්කොටුව මෙය

සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය සෙවනේ සිටින දුවා දරුවන්ගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට ඉඩ ලබා දී ඇති පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක ලෙස ඔබ ඇමතීම මට මහත් ගෞරවයකි.අපේ පාසල ම්‍යයම පළාතේ මිනිපේ අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර නමුත් විචිත්‍ර පරිසරයක පිහිටා ඇති වසර 75ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන පාසලකී. 6 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා පන්ති පැවැත්වෙන අප පාසලේ අධ්‍යාපන ප්‍රවේශය, සියලු දෙනාට යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා සැලසුම් කර ඇත.

අපගේ සිසුන්ගේ නිර්මාණාත්මක මනසට ආධාර දෙන සෞන්දර්ය ඒකක, විද්‍යාගාර පහසුකම්, ක්‍රීඩා පහසුකම් වලින් සමන්විත පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ සඳහා උරදෙන සම්පත් වලින් සුසැඳි විශිෂ්ඨ පාසලකි. අපි සිසුන්ගේ පෞරුෂය, විද්‍යාත්මක දැනුම හා ආධ්‍යාත්මික සංවර්ධන මගින් මව්බිමට නව ජීවයක් ලබා දීමේ අරමුණින් එකමුතුව කටයුතු කරන්නෙමූ.

සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයෙන් නව පරපුරේ සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපේ අරමුණයි. ඒ සඳහා මෙම වෙබ් අඩවිය මහගු දායකත්වයක් සලසනු ඇති බව අපේ අපේක්ෂාවයී.

සඝබෝ දූ දරුවන්ගේ නැණ පහන් දිනෙන් දින දීප්තිමත් වේවා යන්න අපගේ ඒකායන පැතුමයි.

ජී.ජී.චන්ද්‍රාවතී ගල්කොටුව මෙය
නියෝජ්‍ය විදුහල්පති
සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය.