
අපගේ පාසල වූ සංඝබෝධි ම.ම.විද්‍යාලය ,මධ්‍යම පලාතේ මිණිපේ අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර ,නෙත් සුව ගෙන දෙන පරිසරයක පිහිටා ඇති අතර ,වසර 75 කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියයි. අපේ පාසලේ අභිමතාථය වන්නේ ශාස්ත්‍රීය දැනුමින්, මානවීය ගුණාංග වලින් හා විශිෂ්ට පෞර්ෂයකින් පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීමයි . අප පාසලේ සිසුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සදහා විශිෂ්ට ගුරු මණ්ඩලයක්, විද්‍යාගාර පහසුකම්, සෞන්දර්‍ය ඒකක, පරිඝණක ඒකක සහ ක්‍රීඩා අංශයක් ඇත. අපගේ ගමන් මගේ අරමුණ වන්නේ සිසුන් සවිබල ගන්වා ඔවුන් ගේ අනාගතය සදහා ස්ථීර ගමනක් සකස් කිරීමයි. අපගේ පාසලේ යාවත්කාලීන තොරතුරු සහ නවතම ක්‍රියාකාරකම් පිලිබදව තොරතුරු ලබා දීම සහ දැනුවත් කිිරීම සදහා මෙම වෙබ් අඩවිය සැකසු අතර, අපි ඔබේ සහයෝගය ගෞරවයෙන් අපේක්ෂා කරමු.
" ගුණැති නැණැති ලොවට හිතැති විශිෂ්ඨ දරු පරපුරක් බිහි කිරිම ˜
“අපගේ උපරිම ශක්තිය හා අධිෂ්ඨානය දරුවන්ගේ සුබ සිද්ධිය හා නිර්මාණශිලීත්වය සදහා නිරන්තර ඇපකැප වීමත්, හසුරු කුසලතාවලින් පිරිපුන් ගුණගරුක දරුවන් පිරිසක් සංඝබෝධිය තුළින් බිහිකිරිමත් වෙනුවෙනි.”
